ගෝලීය වශයෙන් චීනයේ වැදගත්කම හා වටිනාකම තහවුරු කෙරේ
2024-02-26 16:44:48
Share with:

ගෝලීය වශයෙන් චීනය වැදගත් රටක් බව ලොව පුරා ජනතාව පවසති.

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව විසින් ලොව පුරා අන්තර්ජාල භාවිත කරන්නන් යොදාගනිමින් කළ ජනමත විමසුමක දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 90.6% ක පිරිසක් මේ බව පවසා ඇත. චීනය සමඟ සහයෝගිතා පුළුල් කිරීම තම රටවල අයිතිවාසිකම්වලට අනුකූල වන අතර, එය ජගත් ප්‍රජාවේ සාමාන්‍ය පොදු එකඟතාවක් බවට පත්ව ඇතැයි ද ඔවුහු කියාසිටිති.

ගෝලීය ආර්ථික වර්ධනයේ විශාලතම එන්ජිමක් වන චීනය ලෝක සංවර්ධනය සඳහා මනා අවස්ථාවකි. චීනය ජගත් ප්‍රජාවේ ස්ථාවර බලවේගය මෙන්ම විශ්වසනීය හවුල්කරුවා ද වන බව ඔවුන්ගේ අදහස යි.

මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 84.5% ක පිරිසක් පවසන්නේ චීනය ලෝක ආර්ථිකය සංවර්ධනයට දායක වන වඩාත්ම බලගතු සහභාගිවන්නා බවයි. එසේම, අවස්ථාවලින් පිරුණු රටක් වන චීනයේ සංවර්ධනය ලෝකයට අඛණ්ඩව අවස්ථා ලබාදෙනු ඇති බව තවත් 81.9% ක පිරිසකගේ විශ්වාසය වී තිබේ.

චීනයේ අදහස්,විසඳුම් සහ චීනයේ ප්‍රඥාව ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා අපේක්ෂා වැඩියෙන් දිනාගනිමින් සිටී. චීනය ගෞරවයට පාත්‍ර විය යුතු රටක් බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 76.5% කගේ අදහස වී අති අතර, 84.2% ක පිරිසක් පවසන්නේ චීනය සාර්ථක රටක් බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80.1% ක පිරිසක් චීනයේ ජාත්‍යන්තර බලපෑම වැඩිවෙමින් පවතින බවත්, ගෝලීය පාලනය සඳහා චීනය වටිනා අත්දැකීම් ලබා දෙන බවත් පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම