දකුණු කොරියානු වෛද්‍යවරුන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වුව ද දකුණු කොරියානු රජය සිය ක්‍රියාමාර්ග හකුළා නොගනී
2024-02-26 14:44:17
Share with:

දකුණු කොරියානු වෛද්‍යවරුන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වී ඇති අතර එය එරට වෛද්‍ය ක්‍රමයේ අර්බුදය තවත් තීව්‍ර කර ඇත.

දකුණු කොරියානු රජය මේ මස මුලදී ප්‍රකාශ කළේ, වෛද්‍ය හිඟය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා, 2025 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමේ සිසුන් ප්‍රමාණය 3,058 සිට 5,058 දක්වා වැඩි කරන බවයි. මෙම සැලැස්මට වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය සිසුන්ගේ දැඩි විරෝධය ද එල්ල වී තිබේ. ඔවුන් පවසන්නේ එය අධික ලෙස ඖෂධ ලබා ගැනීමට සහ සෞඛ්‍ය රක්ෂණ පද්ධතියේ අරමුදල්වලට ද බාධාවක් වනු ඇති බවයි. සමහර විවේචකයින් පෙන්වා දෙන්නේ, වෛද්‍ය කාර්යමණ්ඩලය සැබවින්ම කනස්සල්ලට පත්ව සිටින්නේ මෙම සැලැස්ම මගින් සිය ආදායම අඩු වනු ඇතැයි යන සැකය හේතුවෙනි.

මෙම සැලසුම ඉවත් කර ගන්නා ලෙස රජයට බලකරමින්, එරට කොරියානු වෛද්‍ය සංගමය ඊයේ(25) සෝල් නුවරදී හදිසි රැස්වීමක් පැවැත්වීය. මේ ඉල්ලීම දකුණු කොරියානු රජය එම දිනයේම ප්‍රතික්ෂේප ‍කළේ ය. එසේම සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඉල්ලා අස්වූ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වීම සඳහා, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නිළධාරීන් යැවීමට දකුණු කොරියානු රජය තීරණය කළේය.

සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය 19වැනිදා සිට, දකුණු කොරියාව පුරා වෛද්‍යවරුන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලා අස්වී ඇති අතර, විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් 10,000 කට වැඩි පිරිසක් අධ්‍යයන කටයුතු අත්හිටුවීම සඳහා සාමූහිකව ඉල්ලුම් කර තිබේ. දකුණු කොරියානු රජය එරට වෛද්‍ය ක්‍රමයේ අර්බුදකාරී තත්ත්වය බරපතල ලෙස ඉහළ දමා තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම