උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 සිට
2024-02-26 15:18:20
Share with:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම ලබන මාර්තු 5 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව සහ තමන් කැමති වෘත්තීයමය විෂයක් නොමිලේ හැදෑරීමට මෙමගින් හැකියාව ලැබේ. රට පුරා මධ්‍යස්ථාන 300 ක දී මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ඇමැතිවරයා පැවසීය. ඔහු මේ අදහස් පළකළේ වරාපිටිය පාසල් පර්ෂදයේ පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ද මෙවැනිම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම