චීනය සහ ලෝක ‍වෙළඳ සංවිධානයේ එකඟතාවයන් සම්බන්ධව ඇමරිකාවේ අසත්‍ය චෝදනාවලට චීනයේ දැඩි විරෝධය
2024-02-26 11:29:33
Share with:

මෑතකදී ඇමරිකා වෙළඳ නියෝජිත කාර්යාලය චීනය ලෝක ‍වෙළඳ සංවිධානය සමග සම්බන්ධ වීමේ එකඟතාවයන් ඉටු කිරීමේ තත්ත්වය පිළිබඳ 2023 වසරේ වාර්තාව නිකුත් කළේය. චීනය අදාළ එකඟතාවයන් ඉටු කිරීමේදී ලබා ගත් ජයග්‍රහණ එම වාර්තාවෙන් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කළේ එම වාර්තාවේ අසත්‍ය චෝදනාවලට චීනය දැඩි ලෙස විරෝධය පළ කරන බවයි. බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය හා ‍ගෝලීය ආර්ථික වර්ධනය වෙනුවෙන් චීනය ලබා දුන් වැදගත් දායකත්වය නොසලකා කරමින් පදනම් විරහිතව චීන ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්තිය කෙරෙහි ඇමරිකාව චෝදනා කර ඇත. ලෝක ‍වෙළඳ සංවිධානයට එක්වීමෙන් පසු අදාළ පොරොන්දු නිසි ලෙස ඉටු කරමින් සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය සක්‍රිය ලෙස සහය ලබා දී ඇති බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කළේය. ඌන සංවර්ධිත රටවල් බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමයට එක්වීමට අනුබල දීම ද ඊ‍ට ඇතුළත් ය. එමෙන්ම ගෝලීය ඩිජිටල් වෙළඳ රෙගුලාසි සම්බන්ධ සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම හා ගෝලීය ආර්ථික වර්ධනය වෙනුවෙන් චීනය ‍කැපී පෙනෙන දායකත්වයක් ලබා දී බේ.

මෑත වසර කිහිපය තුළ “පළමුව ඇමරිකාව” යන ප්‍රතිපත්තිය පදනම් කර ගනිමින් ඇමරිකාව ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය බරපතල ලෙස උල්ලංඝනය කර තිබේ. එහෙයින් මෙම අසත්‍ය  ප්‍රකාශ හා ක්‍රියා වහාම නිවැරදි කරන ලෙසත්, ගෝලීය ප්‍රශ්න හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී නිසි පරිදි සිය දායකත්වය ලබා දෙන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම