ජනපති උපදෙසින් වාර්ෂිකව පාසල් සිසුන් ලක්ෂයකට ‘ජනාධිපති ශිෂ්‍යත්ව’
2024-02-26 14:22:51
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත, පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශක්තියක් වීමේ අරමුණින් ‘ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025’  ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

ඒ අනුව මෙරට 10,126 ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමුවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ. මේ සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන්කර ඇත.

සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන ඔවුන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමගින් රටේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ අදාළ සියලු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන් ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම