චීන සම්භාව්‍ය කෘතියකින් නිර්මාණය වූ පළමු කෘත්‍රිම බුද්ධි කාටූන් මාලාව “සහස්‍ර කවි”ප්‍රේක්ෂකයන් හමුවට
2024-02-26 15:07:47
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදිත, චීනයේ සම්භාව්‍ය කෘතියකින් නිර්මාණය වූ පළමු සජීවකරණ වැඩසටහන් මාලාව වන “සහස්‍ර කවි” නමැති AI කාටූනය අද (26) පස්වරු 6.40 ට චීන මාධ්‍ය සමූහයේ CCTV-1  නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිමැවුණු කාටූන් කථාංග 6 කින් යුත් පළමු වැඩසටහන් මාලාව, අද්විතීය චීන සෞන්දර්යාත්මක ලක්ෂණ මෙන්ම කලාත්මක දැක්මක් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එයි. තම පවුල සහ රට පිළිබඳ මනෝභාව සහ ලෝකයේ පවතින සැබෑ මානව හැඟීම් මෙහිදී සම්භාව්‍ය චීන කවියෙන් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මේ වන විට චීන මාධ්‍ය සමූහය විසින් රැස් කරනු ලැබ ඇති වීඩියෝ සහ ශ්‍රව්‍ය දත්ත එකතුව ලොව විශාලතම චීන භාෂා ශ්‍රව්‍ය දෘශ්‍ය එකතුව  බවට පත්ව ඇත. චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතියේ නිර්මාණාත්මක සංවර්ධනය සඳහා තාක්‍ෂණයෙන් සැපයෙන පිටුබලය, ගෝලීය මාධ්‍ය තරඟයේ පෙරමුණ ගැනීමේ දී චීන මාධ්‍ය සමූහය සතු සුවිශේෂ වාසිය බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම