ලොව සමෘද්ධිය සහ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට චීනයෙන් දිගුකාලීන සැලසුම්
2024-02-26 09:14:38
Share with:

දියුණු වෙමින් පවතින සහ සංවර්ධිත රටවල් වර්තමානයේ මුහුණ දෙන පසුගාමී තත්ත්වය පාලනය කිරීම සඳහා දිගු කාලීන ආර්ථික සුරක්ෂිතතාවයක් කෙරෙහි එළඹීමේ අවශ්‍යතාව පවතී. චීනය ඒ වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කර තිබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය නිශා සුවිමාලි රත්නායක මහත්මිය පැවසුවාය. 

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවලට යහපත් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීමේ එකම ක්‍රමය නම් නව ආයෝජන අවස්ථා පුළුල් වීම, වෙළඳපොල විවෘත වීම සමග රට තුළ සුබ සාධන පද්ධතිය ශක්තිමත් කිරීමයි.  මේ සඳහා චීනය විසින් දියත් කරන ලද එක් තීරයක් එක් මාවතක් වැඩසටහන කලාපීය සහ සෙසු රටවලට බොහෝ ප්‍රතිලාභ අත් කර දීමට සමත් වී තිබේ. චීනයේ මෙම පොදු සංවර්ධනය සහ එකම මානව ඉරණමක් වෙනුවෙන් කෙරෙන ආ‍යෝජනය පිළිබඳව අගය කළ යුතුය. සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යාපනය නංවාලීම, විද්‍යාව හා තාක්‍ෂණය දියුණු කිරීම වැනි කාරණා කෙරෙහි නව වසර එළඹීමත් සමග චීන ජනාධිපතිවරයා නව බලාපොරොත්තු පළ කොට තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිසුන් විශාල පිරිසක් චීනයේ අධ්‍යාපන  අවස්ථා උදා කර ගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ යටිතළ පහසුකම් නංවා ලීමට මෙන්ම අපනයන අවස්ථා පුළුල් කිරීමට චීනයේ අනුබලය ලැබී තිබේ. චීනය ආර්ථික ප්‍රකෘතිය කරා ළඟා වී අපේක්ෂිත ඉලක්ක වෙත හඹා යමින් පවතී. එමෙන්ම මෙම වසර තුළ සිවිල් ගුවන් යානා හා නෞකා නිෂ්පාදනය, අභ්‍යවකාශ හා මුහුදු ගවේෂණ මෙන්ම නවෝත්පාදන ඇතුළු ආර්ථික සංවර්ධනය අතින් චීනය ලබා ගත් ජයග්‍රහණ තව දුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව කෙරෙහි චීන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රීය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටුකරමින් සිටින බව 2024 වසර පිළිගනිමින් ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත. ඒ වෙනුවෙන් නව සැලසුම්, නව ආයෝජන අවස්ථා, ර‍ටවල් අතර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැංවීමට සහ අවශ්‍ය ඕනෑම විටක සහයෝගය ලබා දීමට චීනය කටයුතු කරමින් සිටී. ලෝකය වඩා යහපත් ස්ථානයක් බවට පත් කිරීමට නම් ශක්තිමත් රටවල් එක්ව ගමන් කළ යුතුය. ඒ වෙනුවෙන් චීනයේ ප්‍රවේශය ප්‍රශංසාවට ලක් කළ යුතු අතර සමෘද්ධිය සහ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට චීනයෙන් ලබා දෙන දිගුකාලීන සැලසුම් නව වසර පිළිබඳ යහපත් බලාපොරොත්තු ජනිත කරන බව ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය නිශා සුවිමාලි රත්නායක මහත්මිය සඳහන් කළාය.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම