ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාවට නැංවීම ජගත් ප්‍රජාවේ ඒකායන එකඟතාව බව චීනය කියයි
2024-02-26 18:08:52
Share with:

ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාවට නැංවීම ජගත් ප්‍රජාවේ ඒකායන එකඟතාව බව චීනය පවසයි.

පසුගිය 22 වැනි දා නිමාවට පත් වූ ජී 20 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේ දී ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නැංවීමට එරෙහිව විරෝධය පළ කළ ඇමරිකාව, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල විවේචනයන්ට ලක් ව ඇතැයි The Washington Post පුවත්පත ද වාර්තා කර තිබිණ.

අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව නැගුණු පැනයකට පිළිතුරු දෙමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අවධාරණය කළේ, ඇමරිකාව ජගත් ප්‍රජාවේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට සටන් විරාමයක් ක්‍රියාවට නංවා, අර්බුදය සමනය කිරීම උදෙසා නිවැරදි කාර්යභාරයක් ඉටු කළ යුතු බව යි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි හටගත් දා සිට මේ දක්වා එහි තත්ත්වය අඛණ්ඩ ව උග්‍රවෙමින් පවතී. සාමාන්‍ය ජනතාව තිස්දහසක් පමණ ඉන් ජීවිතක්ෂයට පත්වූ අතර, 19 ලක්ෂයක පමණ පිරිසක් අවතැන් ව සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී කියාසිටියාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම