මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට සිදු කර ඇති දැනුම්දීමක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් නියෝග
2024-02-25 16:39:31
Share with:

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම