චීන-සර්බියා නිදහස් වෙළඳ ගිවිසුමෙන් තම රටට නව අවස්ථා විශාල ප්‍රමාණයක් ගෙන දෙනු ඇතැයි සර්බියා ජනාධිපතිවරයා පවසයි
2024-02-25 16:32:58
Share with:

චීන-සර්බියා නිදහස් වෙළඳ ගිවිසුමෙන් තම රටට නව අවස්ථා විශාල ප්‍රමාණයක් ගෙන දෙනු ඇතැයි විශ්වාස කරන බව සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා පවසයි.එය චීනයට ද ප්‍රතිලාභ හිමි වුවද සර්බියාවට වඩා වැඩි අවස්ථාවන් නිර්මාණය කරනු ඇත.ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ය. 

එම ගිවිසුමෙන් රතු වයින් ඇතුළු සර්බියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා විශාල වෙළඳපොලක් විවෘත වනු ඇත.එමෙන්ම සර්බියාවට අඩු මිලට චීන නිෂ්පාදන ආනයනය කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය. එම ගිවිසුම හරහා චීන සමාගම් හා සාමාන්‍ය ජනතාව සර්බියාවට පැමිණ මානව හුවමාරු පැවැත්වීමෙන් සර්බියාවේ සංවර්ධනයට නව දොරටුවක් විවර වන බව ද හෙතෙම පැවසීය. එම ගිවිසුම අත්සන් තැබීමට එකඟ වූ ෂී ජින් පිං මහතාට ස්තූතිය පළ කරන ඔහු ඉදිරියේදී දෙපාර්ශ්වයන්ට වඩා වැඩි ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා පළ කළේය. 

“තායිවාන ස්වාධීනත්ව”මතය ප්‍රචාරය කරමින් ජගත් ප්‍රජාවේ ඇතැම් පුද්ගලයන් තායිවාන ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය කිරීමට උත්සාහ දරමින් සිටී. මේ සම්බන්ධයෙන්, Aleksandar Vučić ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීය. තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බවත් අදාළ ගැටළුව කවර ක්‍රමයට, කවර කාලයක හා කවර ආකාරයෙන් විසඳා ගන්නේ ද යන්න චීනය විසින් ස්වාධීනව තීරණය කළ යුතු ‍දෙයක් බවත් ඔහු කීය. එකම චීනය ප්‍රතිපත්තිය සර්බියාව පිළි ගනී. එය සර්බියාවේ වත්මන් ප්‍රතිපත්තිය හා දේශපාලන ස්ථාවරය බවත් ඉදිරියේදී එය අඛණ්ඩව අනුමගනය කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. සර්බියානු ජනතාව සැම විටම චීනයට අනුබල දෙන බවද සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම