මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයට අඛණ්ඩව සහාය වන ලෙස එක්සත් ජාතීන්ගේ මහ සම්මේලන සභාපති ආයාචනා කරයි
2024-02-25 18:28:01
Share with:

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයට අඛණ්ඩව සහාය වන ලෙස එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Dennis Francis මහතා විවිධ රටවලට ආයාචනා කරයි.

ගෙවී ගිය වසර 75 තුළ එම ආයතනය මිලියන ගණනක පලස්තීන ජාතිකයින්ට අත්‍යවශ්‍ය ජීවිත ආධාර සපයා ඇති බවත්, පලස්තීන ජනතාව, විශේෂයෙන් පලස්තීන දරුවන්ට, විධිමත් ක්‍රියාකාරීත්වයෙන් පවතින සහන සහ කාර්ය නියෝජිතායතනය අතිශයෙන් වැදගත් වන බවත් ඔහු කීය. විවිධ සාමාජික රටවල් එම ආයතනයට අඛණ්ඩ මුල්‍ය හා දේශපාලන අනුබලය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනයේ සේවක පිරිසක් පසුගිය ඔක්තෝබර් මස හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ වී ඇති බව ඊශ්‍රායලය පසුගිය ජනවාරි මාසයේ ප්‍රකාශ කර ඇත. මේ අනුව එම ආයතනයට අරමුදල් සැපයීම තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තීරණය කර තිබේ. කෙසේ වුවද මේ දක්වා ඊශ්‍රායලය තම ආයතනය සමග ඒ පිළිබඳ සාක්ෂි බෙද ගෙන නැතැයි මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතයේ අධ්‍යක්ෂ Philippe Lazzarini මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම