යේමනයේ සානා අගනුවරට යළි ගුවන් ප්‍රහාර
2024-02-25 14:54:38
Share with:

ඇමරිකාව ප්‍රමුඛ සන්ධාන යුධ ගුවන්යානා යේමනයේ සානා අගනුවරට යළි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි.ඇමරිකා හා බ්‍රිතාන්‍ය ගුවන් යානා මෙම ප්‍රහාරය එල්ල කළ බව හවුති සංවිධානය යටතේ ක්‍රියාත්මක අල් මසිරා රූපවාහිනී සේවය වාර්තා කළේය. ඇසින් දුටුවන් ෂිංහුවා පුවත් සේවයට පවසා ඇත්තේ අල් සියනා හමුදා කඳවුරට අවම වශයෙන් මිසයිල 4ක් එල්ලවූ බවයි. ප්‍රහාරයත් සමග විශාල පිපිරීම් හා ගිනි ගැනීම් වාර්තා වී තිබේ. ගිලන් රථ වහා එම ස්ථානයට ළඟා වූ බවද ඔවුන් සඳහන් කර ඇත. අගනුවර දකුණු කොටසේ පිහිටි හමුදා කඳුවරකට මෙන්ම නැගෙනහිර සානා හී කඳුකර ප්‍රදේශයේ පිහිටි කඳවුරකට ද ගුවන් ප්‍රහාර එල්ල වූ බව ප්‍රාදේශීය වැසියෝ සඳහන් කරති.ඇමරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව හවුති ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ල කර ඇත්තේ මෑතදී රතු මුහුදේ හා ඒඩන් බොක්ක කලාපයේ නෞකා වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙනි.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම