සටන් විරාම ගිවිසුමේ නව වටයේ සාකච්ඡා සඳහා ඊශ්‍රායලයෙන් දූත පිරිසක්
2024-02-25 17:17:22
Share with:

සටන් විරාම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායලය තවදුරටත් සාකච්ඡා පවත්වන බව ඊශ්‍රායල නිලධාරියෙක් පවසයි.

පලස්තීන-ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමේ නව වටය සඳහා ඉදිරි දින කිහිපය තුළ ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර වෙත දූත පිරිසක් යවනු ඇති බව එම නිලධාරියා අද (25) පැවසීය.

ඉකුත් 24 වැනිදා සටන් විරාම සාකච්ඡාවල නවතම තත්ත්වයට සවන් දීමෙන් පසුව, ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන තිබේ. එම දූත පිරිස ජ්‍යෙෂ්ඨ නොවන නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත. ගිවිසුමේ මානුෂීය කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව එම ඊශ්‍රායල නිලධාරියා පවසා ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම