කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක්
2024-02-25 16:40:37
Share with:

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කරයි.

 අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා අදාළ කමිටුවේ සභාපතිවරයායි. අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඇතුළු තවත් නිලධාරීහු  4 දෙනෙක් එහි සෙසු සාමාජිකයෝ වෙති.

සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවටට  උපදෙස් දුන්නේය.

කැබිනට් පත්‍රිකා ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමේ වගකීමද මෙම කමිටුවට පැවරෙන බව ඇමතිවරයා කීවේය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම