චීනයේ ආර්ථික ශක්තිය සහ විභවය ගෝලීය මත විමසුමකට එක්වූ බහුතර පිරිසකගේ ඇගයීමට
2024-02-25 18:13:48
Share with:

චීනයේ ආර්ථික ශක්තිය සහ විභවය ගෝලීය මත විමසුමකට එක්වූ බහුතර පිරිසකගේ ඇගයීමට ලක්වෙයි. CGTN නාළිකාව සහ රෙන්මින් විශ්ව විද්‍යාලය එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදනය සඳහා වන ආයතනය හරහා මෙම මත විමසුම සිදු කෙරිණ.

චීන ආර්ථිකයේ ප්‍රබල ඔරොත්තු දීමේ හැකියාව සහ ශක්තිය  මන්දගාමීව යථා තත්ත්වයට පත්වෙමින් පවතින ගෝලීය ආර්ථිකයේ විශ්වාසය සහ ශක්තිය  වර්ධනය කිරීමට හේතුවනු  ඇති බව එම මත විමසුමට එක්වූ සියයට 90කට අධික පිරිසක් විශ්වාස කරති. වසන්ත උත්සව සමයේ චීන ආර්ථිකයට වාර්තාගත ශක්තියක් එක් කෙරිණ.දේශීය සංචාරක පැමිණීම් මිලියන 474කට ළගාවූ අතර එය පෙර වසරේ සමාන කාලය හා සැසඳීමේ දී සියය‍‍ට 34.3ක වර්ධනයකි. සමස්ත වැය කිරීම් යුවාන් බිලියන 632.7කි.‍පෙර වසරේ සමාන කාලය හා සැසඳීමේ දී එයද සියය‍ට 7.7ක වර්ධනයක් පෙන්නුම් කරයි.බොහෝ දර්ශකවල දත්ත 2019 වසරේ සමාන කාලයේ දත්ත අභිබවා ගොස් තිබේ.

මත විමසුමට එක්වූ සියයට 80කට අධික පිරිසක් චීනයේ ශක්තිමත් ආර්ථික පදනම ඇගයීමට ලක් කර ඇත.චීනයට අවදානම් තත්ත්වයන්‍ට මුහුණ දීමට සහ එමගින් ලෝක ආර්ථිකයට වැඩි ප්‍රතිලාභ අත්කර දිය හැකි බව ඔවුහූ විශ්වාස කරති.චීන ආර්ථිකය දිගු කාලීනව ධනාත්මක සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද මත විමසුමට එක්වූ සියයට 85.2ක‍ට අධික පිරිසක් සඳහන් කළහ.

මෙම මත විමසුමට ඇමරිකාව, බ්‍රිතාන්‍යය,ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලින් හා දකුණු අප්‍රිකාව,ආජන්ටිනාව,ඉන්දුනීසියාව වැනි රටවලින් පුද්ගලයෝ 9030 ‍දෙනෙක් එක්වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම