චීනයේ ජයග්‍රහණ ලෝකයට ප්‍රතිලාභ ගෙන දෙන බව ජගත් මත විමසුමකට එක්වූ බහුතර පිරිස පවසති
2024-02-25 19:12:01
Share with:

වසර 2024 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී චීනයේ ස්වයං නිෂ්පාදිත සී919 විශාල ගුවන් යානාව ප්‍රේක්ෂකයින්ගේ විස්මයට ලක්විය. එය ‘මේඩ් ඉන් චයිනා’ පිළිබඳ තවත් වැදගත් සංකේතයක් ලෙසට හැඳින් වේ. මෑතකදී CGTN නාළිකාව සහ රෙන්මින් විශ්ව විද්‍යාලය එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදනය සඳහා වන ආයතනය හරහා චීනයේ විද්‍යා නවෝත්පාදනය පිළිබඳ ගෝලීය මත විමසුමක් සිදු කර ඇත. එහි ප්‍රතිඵලයට අනුව, විද්‍යා තාක්ෂණික නවෝත්පාදනයෙන් ආර්ථික ගුණාංගය ඉහල නංවාලීම පිළිබඳ චීනයේ ජාතික ප්‍රතිපත්තිය එහි විමසුමට එක්වූවන්ගෙන් සියයට 87.1කගේ පැසසුමට ලක්ව ඇත.

සියයට 93.2ක පිරිසක ගේ  අදහස වී ඇත්තේ චීනයට බලවත් විද්‍යා තාක්ෂණික හැකියාවයක් ඇති බවයි. ජගත් ප්‍රජාවට චීනයේ විද්‍යා තාක්ෂණික ජයග්‍රහණයන් ගෙන් ප්‍රතිලාභ ගෙන දෙන බව සියයට 84.9කගේ මතය වී තිබේ. දත්තවලට අනුව, චීනයේ පර්යේෂණ පහසුකම් සඳහා වන අයවැය වසර 2012හේ යුවාන් බිලියන 49.9ක සිට වසර 2022කේ යුවාන් බිලියන 202ක් දක්වා වැඩි විය. ක්වොන්ටම් තොරතුරු, ස්ටෙම් සෛල, සංශ්ලේෂක ජෛව විද්‍යාව යන ක්ෂේත්‍රවල වැදගත් ප්‍රතිඵලයන් බිහි කිරීමට එය බලවත් පිටුබලයක් වී තිබේ. චීනයේ ස්වයං නවෝත්පාදන ක්ෂේත්‍රයට යොමු කළ දැවැන්ත පිරිවැය හා ඒ වෙනුවන් තබන අධිෂ්ඨානය, මත විමසුමට එක්වූවන්ගෙන් සියයට 85.4කගේ ඇගයීමට ලක්විය.

මේ අතර සොබාදහම සුරකිමින් ඊට ගැලපෙන සේ නවීකරණය මෙහෙයවමින් මානවයින් හා සොබාදහම අතර සුසංගතබව ඉටු කිරීමෙහි නියැළී සිටින චීනය ප්‍රශංසනීය බව සියයට 91.9කගේ  අදහස වී ඇත. දහයෙන් හයකට ආසන්න පිරිස චීනයේ ඉහල ගුණාත්මකභාවයෙන් යුතු ඉදිරි දැක්ම කෙරේ ධනාත්මකව සිතන බව එම මත විමසුමෙන් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම