ඊශ්‍රායල අගමැතිගෙන් පශ්චාත් යුද සැලැස්මක්
2024-02-24 16:46:27
Share with:

ඊශ්‍රායල අගමැතිවරයා ආරක්ෂක අමාත්‍ය මණ්ඩලය වෙත පශ්චාත් යුද සැලසුම ඉදිරිපත් කරයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය 22 වනදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා ගාසා තීරයේ පශ්චාත් යුද සැලසුමක් ආරක්ෂක අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.සමාලෝචනය සඳහා ඉදිරිපත් කළ එම සැලසුමට ඊශ්‍රායල ගාසා තීරයේ කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන සැලසුම් ඇතුළත්ය. යුද මෙහෙයුම් අවසන් වීමෙන් පසු ඊශ්‍රායලය“ සමස්ත ගාසා තීරයේ ගමන් කිරීමේ නිදහස අසීමාන්තික” බව එම සැලසුමේ දැක්වේ. 

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතාගේ ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ සැලැසුමට චෝදනා එලල් කර ඇත. ගාසා තීරය ස්වාධීන පලස්තීන රාජ්‍යයේ කොටසක් පමණක් විය හැකි බවත් ගාසා තීරයේ භූගෝලීය හා ජනගහණයේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමේ ඊශ්‍රායලයේ උත්සාහය සාර්ථක නොවනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඊට අමතරව , එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා ඊයේ (23)පැවසුවේ ඊශ්‍රායල අගමැතිවරයා ඉදිරිපත් කළ එම සැලසුම ගාසා තීරයේ ජනතාවගේ අපේක්ෂාවන්ට   මෙන්ම එක්සත් ජාතීන්ගේ ඉදිරි දැක්මටත් පටහැනි බවය.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම