“ෂී ජින්පිං: චීන පාලනය" නමැති ග්‍රන්ථ‍යේ සිව්වන වෙළු‍ම චීනයේ සුළු ජන භාෂා 5කින්
2024-02-24 15:12:37
Share with:

“ෂී ජින්පිං: චීන පාලනය" නමැති ග්‍රන්ථ‍යේ සිව්වන වෙළු‍ම චීනයේ සුළු ජන භාෂා 5කින් ප්‍රකාශයට පත් කෙරේ. මොංගෝලියා,ටිබෙට්,උයිගුර්,කසක් සහ කොරියානු භාෂාවන්ගෙන් එය ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හැර තිබේ. ජන වාර්ගික මුද්‍රණාලය විසින් එය ප්‍රකාශයට පත් කරන ලදි. 2020 වසරේ‍ පෙබරවාරි 3 වෙනිදා සිට 2022 වසරේ මැයි මස 10 වෙනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ‍ ලේකම් ෂී ජින්පිං මහතා‍ගේ ප්‍රකාශිත හා ලිඛිත කරුණු 109කින් මෙම වෙළුම සම්පාදනය කර තිබේ. 2020 වසරේ ජනවාරි මාසයේ සිට ලබා ගත් ඡායාරූප 45ක් ද ඊ‍ට අයත් වෙයි.

තේමාවන්ට අනුව කොටස් 21කට එය බෙදා තිබේ. සුළු ජනතාව වෙසෙන ප්‍රදේශවල නිලධාරීන්ට හා සෙසු ජනතාවට නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය මනාව අවබො‍්ධ කර ගැනීමට සුළු ජන භාෂා ‍සංස්කරණය උපකාරී වනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම