යුක්‍රේන අර්බුදයට එකම විසඳුම සාකච්ඡා මාර්ගයයි
2024-02-24 17:21:12
Share with:

 පෙබරවාරි 24වනදා වන විට රුසියාව හා යුක්‍රේනය අතර සටන‍ට වසර දෙකක් ගතවී තිබේ. එය සීතල යුද්ධයෙන් අනතුරුව යුරෝපයේ හටගත් බරපතලම කලාපීය යුද්ධයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ සංඛ්‍යාලේඛනයකට අනුව ගෙවී ගිය වසර දෙක තුළ දෙරටේ තුවාල වූ හෝ මිය ගිය සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය. කෝටියකට වැඩි යුක්‍රේන ජාතිකයෝ අවතැන්ව සිටිති. සටන් තත්ත්වය සමග ගෝලීය බලශක්ති හා ආහාර මිල කැපී පෙනෙන අන්දමින් ඉහල ගොස් තිබිණ. ඇතැම් අප්‍රිකානු රටවල් ආහාර අර්බුදයකට ගොදුරවී සිටී. ගැටුමෙන් මතුවූ ඍණාත්මක බලපෑම් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.

යුරෝපයට එල්ලවූ බලපෑම් ද කැපී පෙනේ. ආර්ථික ක්‍රියාකාරීත්වයන් මන්දගාමී වීම හා ආර්ථික අවපාතයක් පවා එහි සිදු විය. ‘යුක්‍රේනයට සහාය වෙමින් රුසියාවට විරුද්ධවීම’ පිළිබඳව ජනතාව දැරූ මතය ක්‍රමයෙන් පහල යමින් අතෘප්තිමත් මානසිකත්වයන් වර්ධනය වී ඇත. ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රතිඵලය, සරල ගණිත සූත්‍රයක් මගින් ගණන් කළ නොහැකි බවත් සීතල යුද චින්තනය ගැටුමේ මූලිකත්වය වන අතර ඇමරිකාව එදිරිවාදී තත්ත්වය නිර්මාණය‍ කිරීමේ අනුග්‍රාහකයා බවත් එම යුද්ධය ආවර්ජනය කිරීමෙන් විග්‍රහ කළ හැකියි.

යුක්‍රේන අර්බුදය හේතු කොට ගෙන, ස්වීඩනය හා පින්ලන්තය නේටෝ සංවිධානයට එක්වීම ඉදිරියට පෙළඹවීමෙහි නියැළී සිටින ඇමරිකාව සිය යුද සන්ධාන මිත්‍ර කවය පුළුල් කිරීමට උත්සාහ දරමින් සිටී. මෙය ගෝලීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමකි.

වසර 2024 ආරම්භයේ සිට යුරෝපයේ රටවල් කිහිපයක නායකයින් හා නේටෝ උසස් පෙළේ නිලධාරීන් විසින් රුසියාව සමග සටන් ආරම්භ කරන බවට අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හමුදා සූදානම ශක්තිමත් කරන ලෙසට සමස්ත යුරෝපයට ආයාචනා කර ඇත. ඇමරිකාවේ පාලනය හා මෙහෙයවීම යටතේ ලෝක සංග්‍රාමයේ අවදානම ඉහල දමා ඇත.

ඕනෑම ගැටුමක අවසානයක් දැකීමට , සාකච්ඡා මේසයට  යා යුතු බව ඉතිහාසයෙන් ඔප්පු වී තිබේ. යුක්‍රේන අර්බුදය දිගුකාලීනව, වඩාත් සංකීර්ණවෙමින් තවදුරටත් ව්‍යාප්ත වීම ජගත් ප්‍රජාවේ පොදු ප්‍රතිලාභයට  ද නොගැලපේ. සංවාද හා සාකච්ඡා, අර්බුදයට එකම විසඳුම බව විවිධ පාර්ශ්ව පිළි ගත යුතු කරුණකි. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම