චීන විදේශ ඇමතිවරයා හා ජර්මානු චාන්සලර්වරයාගේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශකයා අතර හමුවක්
2024-02-24 15:33:26
Share with:

චීන විදේශ ඇමති වන්ග් යී මහතා ජර්මානු චාන්සලර්වරයාගේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති උපදේශක Jens Plotner මහතා බෙයිජිංහිදී හමුවෙයි. චීන ජර්මන් පරිපූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනගා මෙම වසරට වසර 10ක් සනිටුහන් වන බව චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය. අන්‍යෝන්‍ය උපායමාර්ගික විශ්වාසය ශක්තිමත් කිරීමට,සහයෝගතා පුළුල් කිරීමට හා ස්ථාවර ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනයට ජර්මනිය සමග සන්නිවේදනයන් ශක්තිමත් කිරීමට චීනය කැමති බව හෙතෙම පැවසීය. විවෘත ආකල්පයකින් හා වෙළඳපොල මූලධර්මයන් පදනම්ව ප්‍රායෝගික සහයෝගතා ප්‍රවර්ධනයට දෙපාර්ශ්වය කැපවිය යුතුය. දෙරට, පොදු ප්‍රගතිය හා සංවර්ධනය මත පරස්පරතාවන් මනාව විසඳමින් ආරක්ෂණවාදයට විරුද්ධවී ගෝලීය ස්ථාවරත්වයට,සංවර්ධනයට හා සෞභාග්‍යයට ධනාත්මක දායකත්වයන් ලබා දිය යුතු බවද වන්ග් යී මහතා එම හමුවේදී සඳහන් කළේය. 

චීනය සමග  විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාවන් වර්ධනය කරන අතරම ‍කාලගුණ වෙනස්වීමට එරෙහිව මුහුණදීම සහ ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමට ජර්මනිය අපේක්ෂා කරන බව ද Jens Plotner මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම