මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු
2024-02-24 18:47:56
Share with:

උපන් බිමේ උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ, සංකල්පයකට අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක "උරුමය" ඉඩම් ඔප්පු ලක්ෂ 20 ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව, මහවැලි බලප්‍රදේශ 10 ආවරණය කරමින්, මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරිය සඳහන් කරයි.

සිය උපන් භූමියේ හිමිකම ලබා දීම තුළින් මහවැලි ගොවි ජනතාව ගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීමට  මහඟු පිටිවහලක් වනු ඇති බවද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම