දේශපාලන මාර්ගය ඔස්සේ යුක්රේන ගැටළුව විසඳීමට පියවර ගන්නා ලෙසට චීනයෙන් ජගත් ප්‍රජාවට ඉල්ලීමක්
2024-02-24 18:48:08
Share with:

දේශපාලන මාර්ගය ඔස්සේ යුක්රේන ගැටළුව විසඳීමට පියවර ගන්නා ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

යුක්රේන ගැටුම් ඇතිවී වසර 2ක සම්පූර්ණ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය හා ආරක්ෂක මණ්ඩලය විසින් වෙන් වෙන් ව රැස්වීම් පවත්වන ලදි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේ ජගත් ප්‍රජාව මෙම ප්‍රශ්නයට යුක්ති සහගත, සාධාරණ නිසි විසඳුමක් සොයා ගත යුතු බවත් යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගය ඔස්සේ විසඳා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු බවත්ය. 

යුක්රේන ප්‍රශ්නය මත ඒ ඒ රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතුය යන්න  චීනයේ ස්ථාවරය බවද හෙතෙම කීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්ම අනුගමනය කළ යුතු අතර ඒ ඒ රටවල නිසි ආරක්ෂක අවශ්‍යතාවන්ට ද ගරු කළ යුතු ය.සාමකාමීව අර්බුදය විසඳා ගැනීම සඳහා දරන සියළු උත්සාහයට අනුබල දිය යුතු ය. යුක්රේන ප්‍රශ්නය දේශපාලන මාර්ගය ඔස්සේ විසඳා ගැනීම සඳහා චීනය සක්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයිද Zhang Jun මහතා එහිදී ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම