චීන මාධ්‍ය සමූහයේ 2024 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය අද
2024-02-24 16:17:35
Share with:

චීන මාධ්‍ය සමූහයේ 2024 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද (24) රාත්‍රී 20:00ට විකාශය කෙරේ.

ගීත, නැටුම්, හරස් කතා, හාස්‍ය නාටක ඔපෙරා සහ කරණම් සංදර්ශන ඇතුළු විවිධ ආකාරයේ අංගවලින් එම ප්‍රසංගය සමන්විත වෙයි. ලොව පුරා සිටින චීන ජාතිකයින්ට එම ප්‍රසංගය හරහා රසවත් පහන් කූඩු උත්සවයක් සතුටින් සැමරිය හැකිය.

අද (24) රාත්‍රී 20:00ට, චීන මාධ්‍ය සමූහයේ පොදු නාලිකාව, සංගීත නාලිකාව, 4K නාලිකාව සහ 8K නාලිකාව ඇතුළු රූපවාහිනී නාලිකා කිහිපයක් ඔස්සේ එම ප්‍රසංගය විකාශය කිරීමට නියමිතය. සංගීත හඬ, ගුවන්ඩොන්-‍‍හොංකොං-මැකෞ හඬ, තායිවාන සමුද්‍ර සන්ධියේ හඬ සහ දකුණු චීන මුහුදේ හඬ ඇතුළු ගුවන් විදුලි නාලිකා මෙන්ම, විවිධ නව මාධ්‍ය වේදිකා සහ නාගරික විශාල 8K අතිශය අධි-විභේදන සන්නිවේදන තිර ඔස්සේ ද එය විකාශය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම