ඇමරිකාව ඇතුළු බටහිර රටවල නව වටයේ සම්බාධකවලට රුසියාවේ විරෝධය
2024-02-24 16:55:07
Share with:

රුසියාව වෙත නව වටයේ සම්බාධක පනවන බව ඇමරිකාව, කැනඩාව සහ යුරෝපා සංගමය ඊයේ (23) ප්‍රකාශ කළේය. රුසියාවේ මූල්‍ය, හමුදා හා බලශක්ති ක්ෂේත්‍ර යනාදියේ පුද්ගලයන් හා ආයතන 500 කට අධික සංඛ්‍යාවක් ඇමරිකාවේ නව සම්බාධකයන්ට ඇතුළත්ය. ඒ පිළිබඳව ඇමරිකාවේ රුසියානු තානාපති Anatoly Antonov මහතා එදිනම ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ඇමරිකාවේ නීති විරෝධි සම්බාධක රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ උත්සාහයක් වන අතර, තම මූලික ප්‍රතිලාභ ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය රුසියාව අත් නොහරින බවයි.

රුසියාවේ පුද්ගලයන් 106 දෙනෙකුට හා ආයතන 88 කට යුරෝපා සංගමය මෙවර සම්බාධක පනවනු ඇති බව වාර්තා වෙයි. යුරෝපා සංගමයේ එම පියවරයන්ට එරෙහිව, රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක ප්‍රකාශ කර ඇති යුරෝපා ආයතන සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල නියෝජිතයින්, තම රටට  ප්‍රවේශවීමේ තහනම් ලැයිස්තුවට ඇතුළත් කරන බව රුසියානු විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම