ඇමරිකාවේ Muscatine මධ්‍යම පාඨශාලාවේ චීන සංචාරක නියෝජිත කණ්ඩායමේ සිසුන්ට චීන ජනපති ගෙන් පිළිතුරු ලිපියක්
2024-02-24 18:24:07
Share with:

ඇමරිකාවේ Muscatine මධ්‍යම පාඨශාලාවේ චීන සංචාරක නියෝජිත කණ්ඩායමේ සිසුන්ට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි.

අදට(24) යෙදෙන චීන පහන් කූඩු උත්සවය නිමිති කර ගෙන යොමු කෙරුණු එම ලිපිය සමග අලුත් අවුරුදු සුබ පැතුම් කාඩ්පතක් ද  ෂී ජින්පිං මහතා යවා ඇත.

‘ආරංචි සියයක් අසනවාට වඩා සියැසින් එක්වතාවක් නැරඹීම වඩාත් විශ්වසනීය’ යැයි චීන කියමනක් තිබෙන බව ෂී ජින්පිං මහතා සිය පිළිතුරු ලිපියෙන් සඳහන් කළේය. වසර 1985 සිය පළමු ඇමරිකා සංචාරය තුළදී උණුසුම් හදැති ඇමරිකානු ජනතාව සිය සිත ඇද ගත් බව ද ඔහු සිහිපත් කළේය. චීනයේ සිදු කළ සංචාරය මගින් මෙරට හා මෙහි ජනතාව පිළිබඳ ඍජු හා ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට  ඇතැයි තමා විශ්වාස කරන බවද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි. චීනයේ යළිත් සංචාරය කිරීමත්, වඩාත් වැඩි ඇමරිකානු යෞවනයින් හා තරුණයින් අදහස් හුවමාරුවට හා අධ්‍යයනයට චීනයට පැමිණීමත් පිළි ගැනේ. ඉන් චීනයේ සැබෑ හා සම්පූර්ණ තත්ත්වය දැන ගත හැකිය. දෙරටේ යෞවනයින්  අතර මිත්‍රත්වය ගොඩනගමින් අන්‍යොන්‍ය අධ්‍යයනයෙහි නිරත වීම තුළින් දෙරටේ ජනතාව අතර මිතුදම ද තහවුරු කළ හැකි යැයි විශ්වාස කරන බව ද ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම