පැරණි උපකරණ යාවත්කාලීන කිරීම හා ‘පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත මාරු වීමේ මෙහෙයුම’ දිරිමත් කළ යුතු බව චීන ජනපති කියයි
2024-02-23 20:13:43
Share with:

පැරණි උපකරණ යාවත්කාලීන කිරීම හා ‘පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත මාරු වීමේ මෙහෙයුම’ ප්‍රවර්ධනය කරමින්  භාණ්ඩ බෙදා හැරීමේ පිරිවැය අඩු කිරීමට කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) පස්වරුවේ මධ්‍යම ආර්ථික කටයුතු කමිටුවේ සිව්වැනි රැස්වීම පැවැත්විණ. 

නිෂ්පාදිත නවීකරණය, ඉහල ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් බව ඔහු එහිදී කියා සිටියේය. ඒ සඳහා නව වටයේ විශාල පරිමාණයේ පැරණි උපකරණ යාවත්කාලීන කිරීම හා  ‘පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත මාරු වීමේ මෙහෙයුම’ දිරිමත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. භාණ්ඩ බෙදා හැරීමේ කර්මාන්තය, සැබෑ ආර්ථිකයේ ‘රුධිර නාලිකා’ මෙන්, නිෂ්පාදනය, පරිභෝජනය හා විදේශ වෙළඳාම සම්බන්ධ කර ඇත. කර්මාන්තවල කේන්ද්‍රීය තරගකාරීත්වය හා ආර්ථික ක්‍රියාකාරී කාර්යක්ෂමතාව ඉහල නංවාලීම සඳහා  මුළු සමාජයේ භාණ්ඩ බෙදා හැරීමේ පිරිවැය ඵලදායික ලෙස අඩු කිරීමට පියවර ගත යුතු යැයි ද ඔහු අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම