වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජනයේ පුළුල් වර්ධනයක්
2024-02-23 10:24:06
Share with:

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශය කියාසිටී. අමාත්‍යාංශ ප්‍රකාශක He Yadong මහතා ඊයේ (22) පැවසුවේ 2024 වසර සඳහා එය ප්‍රශස්ත ආරම්භයක් බවයි.

උත්සව සමයේ රන් සහ රිදී ඇතුළු ආභරණ අලෙවිය 23.8% කින් සහ ක්‍රීඩා හා විනෝදාස්වාද නිෂ්පාදන 15.6% කින් වර්ධනය වී ඇත. එසේම, සන්නිවේදන උපකරණ අලෙවිය 10.4% කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් He Yadong මහතා පැවසීය.

 චීනයේ සේවා පරිභෝජනය ද මෙම කාලය තුළ මනා වර්ධනයක් පෙන්නුම් කරයි. දේශීය සංචාරකයන් යුවාන් බිලියන 632.69 ක මුදලක් වැය කර ඇති අතර, එහි වාර්ෂික වර්ධනය 47.3% කි. එසේම චීනයේ බොක්ස් ඔෆිස් සිනමා ආදායම ද යුවාන් බිලියන 8.02 ක වාර්තාගත අගයක් සපුරා තිබීම කැපීපෙනේ.

මීට අමතරව ඊ-වාණිජ්‍ය වේදිකා ඔස්සේ සිදුවන ක්ෂණික සිල්ලර විකුණුම්වල වාර්ෂික වර්ධනය 32.2% කින් ඉහළ ගොස් තිබේ. ඇතැම් අන්තර්ජාල වේදිකාවන් හි පාපැදි සහ ස්කී ක්‍රීඩා උපකරණ අලෙවිය පෙර වසරට වඩා 50% ක වර්ධනයක් වාර්තා කර ඇත.

මේ අතර, රටේ පරිභෝජනය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරමින් සිටින චීන වාණිජ අමාත්‍යාංශය ඒ සඳහා නිසි පියවර ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී චීන පාරිභෝගික වෙළඳපොළ ස්ථාවර වර්ධනයක් අත්කර ගනු ඇති බවට ද He Yadong මහතා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම