ඇමරිකාව තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම ඉතා අනතුරුදායී සූදුවක් බව චීනය පවසයි
2024-02-23 20:18:11
Share with:

ඇමරිකාව තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම ඉතා අනතුරුදායී සූදුවක් බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

  වාර්තාවලට අනුව, තායිවාන ප්‍රදේශයට ඩොලර් මිලියන 75 ක් පමණ වටිනා අවි අලෙවි කිරීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබේ.  ඒ පිළිබඳ මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක චාං ෂියාඕගං මහතා මාධ්‍ය හමුවකදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. 

ඇමරිකාවේ ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂක ප්‍රතිලාභ, ද්විපාර්ශ්වික සම්බන්ධතාව හා දෙරටේ හමුදාවන් අතර සම්බන්ධතාව බරපතල ලෙස හානි කර ඇත. එය චීන අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ නොසන්සුන් තත්ත්වයද ඉන් උග්‍ර කර ඇත. ඇමරිකාවේ ක්‍රියාව ඉතා අනතුරුදායික සූදුවකි. රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය ස්ථිර හා ශක්තිමත් පියවර ගනු ඇතැයි චාං ෂියාඕගං මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම