ශංහයි සහයෝගිතා සංවිධානයේ ලේකම් කාර්යාලය ගොඩනැගීමේ 20 වැනි සංවත්සරය පැවැත්වෙයි
2024-02-23 09:08:09
Share with:

ශංහයි සහයෝගිතා සංවිධානයේ ලේකම් කාර්යාලය ගොඩනැගීමේ 20 වැනි සංවත්සරය ඊයේ(22) බෙයිජිංහි දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඊට එක් විය.

ශංහයි සහයෝගිතා සංවිධානය චීන රාජ්‍යතන්ත්‍රයේ ප්‍රමුඛ දිශාව ලෙස සලකමින් එම කාර්යාලයේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය පහසුකම් සහ සහයෝගය අඛණ්ඩව සපයන බව වං යී මහතා එහිදී අවධාරණය කළේය. එම සංවිධානයේ වාරික සභාපති රට වන කසක්ස්ථානයට අනුබල දෙමින් විවිධ පාර්ශ්ව සමග මේ වසරේ Astana සමුළුවේ සරු ප්‍රතිඵල ලබා ගැනීම සහතික කිරීමටත් ශංහයි සහයෝගිතා සංවිධානයේ වර්ධනයට නව අපේක්ෂා බිහි කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

චීනයේ ශංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල තානාපතිවරුන් හා ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු 200කට වැඩි පිරිසක් එම උත්සවයට එක් වූහ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම