ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ පොදු එකඟතාව ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් ඇරඹීම බව චීන නියෝජිතයා පවසයි
2024-02-23 10:25:09
Share with:

ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් යනු ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු ඉල්ලීමක් මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ ප්‍රබල එකඟතාව බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා අවධාරණය කරයි. ඒ පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය පිළිබඳ ඊයේ(22) ආරක්ෂක මණ්ඩලයේ විවෘත සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.

ඇමරිකාව වගකීම් සහගත ආකල්පයකින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට අනුගත වෙමින් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ එකඟතාවයට ද ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව Zhang Jun මහතා එහිදී පැවසීය. පලස්තීනයට සිදු වූ ඓතිහාසික අසාධාරණය නිවැරදි කළ යුතු අතර ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් වූ පලස්තීනයේ දිගුකාලීන අපේක්ෂාව ඉටු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය. පලස්තීන ප්‍රශ්නයට විස්තීර්ණ, සාධාරණ සහ දිගුකාලීන විසඳුමක් ලබා දීම සඳහා වඩා පුළුල්, ප්‍රාමාණික සහ ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුවක් කඩිනමින් කැඳවන ලෙස ද චීනය ඉල්ලීමක් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම