සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී ණය ගැටළුවලට චීනයේ උපරිම‍ අවධානය
2024-02-23 16:55:27
Share with:

 සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී ණය ගැටළුවලට චීනය උපරිම‍ අවධානයක් යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ අද(23) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චීනය සෑම විටම සමානත්මතා සාකච්ඡා හා පොදු ජයහ්‍රාහී සහයෝගතාවේ මූලධර්මය මත සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ලිහිල් කිරීමටත් එහි අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් සහාය වී තිබෙන බව ද ඇය කියා සිටියාය. ජී20 කණ්ඩායමේ ‘ණය ගෙවීම් කල්දැමීමේ මුලපිරුම’ පිළිබඳ සහයෝගතාවට චීනය සක්‍රීයව සහභාගීව සිටී. ණය ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර විවිධ මට්ටම්වල අදහස් හුවමාරු ද පවත්වා තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පීඩනය අඩු කිරීමට විවිධ පාර්ශ්වයන් සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය අපේක්ෂා කරන බව ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම