පලස්තීනයේ නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා චීනයේ සහාය පළ වේ
2024-02-23 12:34:20
Share with:

පලස්තීනයේ නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා සහාය දෙන බව චීනය ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලය, පලස්තීන භූමිය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය නඩු විභාගයක් පැවැත්වීය. ඊයේ (22) ඊට එක් වූ චීන නියෝජිතයා මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේ ය. අධිකරණ උපදේශන හා පාලන බලතල, ජාතික ස්වයං නිර්ණය, සන්නද්ධ බලය භාවිතය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු නීතිමය කරුණු පිළිබඳව චීනයේ අදහස් හා යෝජනා එහිදී ඉදිරිපත් කළ ඔහු, චීනය පලස්තීනයේ නීත්‍යනුකූල අයිතීන් හි ආරක්ෂාවට  සහාය දෙන බව ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායලය අත්පත් කරගත් පලස්තීන භූමි ප්‍රදේශවල වෙන් කිරීමේ පවුරු ඉදිකිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ බවට ජාත්‍යන්තර අධිකරණය 2004 වසරේ දී උපදේශන අදහසක් පළ කර තිබිණ. පලස්තීන භූමිය ඊශ්‍රායලය විසින් ආක්‍රමණය කරනු ලැබීම සම්බන්ධයෙන් දෙවන වරටත් උපදේශන මතයක් නිකුත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම