කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා වියට්නාම රජය අතර අවබෝධතා ගිවිසුමක්
2024-02-23 15:44:55
Share with:

ශ්‍රී ලංකාව හා වියට්නාම රජය අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැ‍බේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වියට්නාම කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය Minh Hoan Le මහත්වරුන් අතර සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස  මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණ.

කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකීම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පලිබෝධ නාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවි ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයකට අදාලව මෙම ගිවිසුම ක්‍රියාත්මකය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම