චීනය වරාය දොඹකර දුරස්ථව පාලනය කිරීමෙන් දත්ත රැස් කිරීම පිළිබඳ ඇමරිකාවේ කියමන සම්පූර්ණයෙන්ම හාස්‍යයක් බව චීනය පවසයි
2024-02-23 18:44:50
Share with:

චීනය වරාය දොඹකර දුරස්ථව පාලනය කිරීමෙන් දත්ත රැස් කරන බවට ඇමරිකාව සිදු කර ඇති ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරයි.

ඇමරිකාව තුළ දොඹකර නිපදවීමට ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට බයිඩන් රජය සැලසුම් කර ඇතැයි The Wall Street Journal වාර්තා කරයි. මේ සමගම චීනයේ දොඹකර භාවිත කිරීමෙන් රටේ ආරක්ෂාවට අවදානමක් පැවතීම පිළිබඳ කියමනක් ඇමරිකාව තුළ මතු විය. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළාය.

ඇමරිකාවේ එම කියමනට කිසිදු පදනමක් නොමැති බවත් ඇමරිකාව ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් චීනයේ නිෂ්පාදන හා සමාගම් මර්දනය කිරීමට චීනය තරයේ විරුද්ධ වන බවත් ඇය කීය. ආර්ථික හා වෙළඳ කටයුතු ආයුධ සන්නද්ධකරණය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයට අවදානම් ගෙන දෙන අතර, එය සෙසු රටවලට පමණක් නොව තම රටටත් හානිකර වන බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම