ජී20 විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේ දී ‘ද්වි-රාජ්‍ය විසඳුම’ ඔස්සේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම නිරාකරණය කිරීම පිළිබඳ අවධානය
2024-02-23 11:23:04
Share with:

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර දී 21 සහ 22 යන දෙදින ජී20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණ. බ්‍රසීල විදේශ ඇමති Mauro Vieira මහතා එම සමුළුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ සමුළුවට එක්ව සිටින සියලු නියෝජිතයන් ‘ද්වි-රාජ්‍ය විසඳුම’ ඔස්සේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම නිරාකරණය කිරීමට සහාය පළ කළ බවයි. මෙම ගැටුම සහ අසල්වැසි රටවලට එය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව බොහෝ රටවල් කණස්සල්ලට පත්ව සිටින බව ද හෙතෙම කියාසිටියේය.

ජී20 කණ්ඩායමේ සාමාජිකත්වය දරන රටවල්, ආරාධිත රටවල් හා විවිධ ජගත් සංවිධානවලින් පැමිණි නියෝජිත කණ්ඩායම් 45ක් මෙවර සමුළුවට එක්ව සිටියහ. චීන නියෝජ්‍ය විදේශ ඇමති Ma Zhaoxu මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව චීන නියෝජිත කණ්ඩායම එයට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම