චීනය අඩු කාබන් හා ශුන්‍ය කාබන් සංවර්ධනයට අවශ්‍ය හදිසි ප්‍රමිතීන් 200කට වැඩි ප්‍රමාණයක් සැකසීමේ සූදානමක
2024-02-23 12:53:43
Share with:

කාබන් විමෝචනය අවම කිරීමට අවශ්‍ය හදිසි  ප්‍රමිතීන් 200කට වැඩි ප්‍රමාණයක් සකස් කිරීමට චීනය සූදානම් වේ.

චීන කර්මාන්ත හා තොරතුරුකරණ අමාත්‍යාංශය පසුගියදා “කර්මාන්ත ක්ෂේත්‍රයේ කාබන් උච්ච සහ කාබන් උදාසීන ප්‍රමිති පද්ධතියේ සංවර්ධනය පිළිබඳ මාර්ගෝපදේශය” එළි දක්වමින් මේ බව හෙළි කළේය.

එම මාර්ගෝපදේශයට අනුව, 2025 වන විට, කර්මාන්ත ක්ෂේත්‍රයේ කාබන් උච්ච සහ කාබන් උදාසීන ප්‍රමිති පද්ධතිය ප්‍රථමයෙන් ස්ථාපනය කොට කාබන් උච්චතම අවස්ථාවට ළඟා වීම පාලනයට අවශ්‍ය හදිසි ප්‍රමිතීන් 200කට වැඩි ප්‍රමාණයක් සකස් කිරීමට නියමිතය. හරිතාගාර වායු තක්සේරුව සහ අඩු කාබන් තාක්ෂණ හා උපකරණ යනාදී ක්ෂේත්‍රවල ප්‍රමිති ප්‍රධාන වශයෙන් සකස් කරනු ඇත. එමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ කාබන් පරිමාව ඇගයීම හා කාබන් විමෝචනය අඩු කිරීම සඳහා තාක්ෂණික අනුබල ලබා දීම එහි අරමුණය.

අදාළ ප්‍රමිති සම්පාදනය කඩිනම් කොට ප්‍රමිති පද්ධතිය අඛණ්ඩව යහපත් කිරීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රය අඩු කාබන් හා ශුන්‍ය කාබන් සංවර්ධන ආකෘතියක් බවට පරිවර්තනය කිරීම ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීන කර්මාන්ත හා තොරතුරුකරණ අමාත්‍යාංශයේ අදාළ නිලධාරියෙක් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම