වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්
2024-02-23 15:53:10
Share with:

"වෙරළ හා ධීවර  වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්" සැකසීමට රජය පියවර ගනී.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සංවිධානයෙන්  හා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ  සියලු රාජ්‍ය ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සකසන ලද  යෝජනාවලිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් එහිදී ඉදිරිපත් කරන ලදි.

මෙම යෝජනාවලිය අනුව වෙරළ ආශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධිත සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ  කලාපය කළමනාකරණය සඳහා කමිටු පිහිටුවීමට පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම