මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපතිවරයා පවසයි
2024-02-23 15:43:54
Share with:

ශ්‍රී ලංකාව මේ වන විට වේගවත් ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ. කෙසේ වෙතත් දිනෙන් දින වෙනස් වන නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. නවීන ලෝකයට ගැලපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම