බ්‍රික්ස් සංවිධානය ජාත්‍යන්තර වේදිකාවේ ධනාත්මක සක්‍රිය ශක්තියක් බව චීනය කියයි
2024-02-22 18:13:46
Share with:


බ්‍රික්ස් සංවිධානය ජාත්‍යන්තර වේදිකාවේ ධනාත්මක සක්‍රිය ශක්තියක් බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (22)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. මාධ්‍ය වාර්තාවකට අනුව, වෙනිසියුලා ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ යුද, මැදිහත්වීම්, ජන සංහාර හා ජනවාර්ගික ගැටුම්වලින් පිරි පැරණි ලෝකය වෙනුවට බ්‍රික්ස් රටවල් ප්‍රමුඛව නව ලෝකය  ගොඩනැ‍ගෙමින් ඇති බවයි.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය අදහස් පළ කළාය.

නව වෙළෙඳපොල හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාවේ වැදගත් වේදිකාවක් ලෙස බ්‍රික්ස් සංවිධානය සැම විටම බහුපාර්ශ්වවාදය සහතික කරමින් ලෝක ආර්ථික පරිපාලනයට සක්‍රිය ව එක්වෙමින් ජාත්‍යන්තර පද්ධතිය වඩා වැඩි සාධාරණ හා නීත්‍යනුකූල දිශාව වෙත ගමන් කිරීම ප්‍රවාර්ධනය කරමින් සිටී. ඒ ඒ පාර්ශ්ව සමඟ එක්ව චීනය බ්‍රික්ස් උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව තහවුරු කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඇය සඳහන් කළාය. ගෝලීය පරිපාලන රාමුව වඩාත් සමබර හා ඵලදායිකව ක්‍රියාත්මක කිරීමට සහාය වෙමින් ලෝක සාමය හා සංවර්ධනයට බ්‍රික්ස් සංවිධානය වඩා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය.    

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම