චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම නතර කරන ලෙසට චීනය යළි ඇමරිකාවට දැනුම් දෙයි
2024-02-22 17:15:43
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම නතර කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.

වාර්තාවලට අනුව, තායිවාන ප්‍රදේශයට ඩොලර් මිලියන 75 ක් පමණ වටිනා අවි අලෙවි කිරීමට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී ඇත.  ඒ පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (22) පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළාය.

ඇමරිකාවේ එම ක්‍රියාවලිය එකම චීනය මූලධර්මය, චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඇය පෙන්වා දුන්නාය. එය චීනයේ ස්වෛරීභාවය,  ආරක්ෂාව, චීන-ඇමරිකා සබඳතාව සහ තායිවාන සමුද්‍ර සන්ධියේ ස්ථාවරත්වයට දැඩි ලෙස හානි කරන්නක් බව ඇය පැවසුවාය. ඊට චීනය තරයේ විරුද්ධ වන අතර, අදාළ මූලධර්මය හා ප්‍රකාශ අනුගමනය කරමින් එවැනි ක්‍රියාවන් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය ශක්තිමත් පියවර ගනු ඇති බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම