ජී20 රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුව බ්‍රසීලයේ දී ඇරඹේ
2024-02-22 09:32:26
Share with:

ජී20 රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී ජාත්‍යන්තර අර්බුදය සහ ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ කෙරෙහි ‍අවධානය යොමු කරයි.

බ්‍රසීල විදේශ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව ඊයේ(21) බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ දී ආරම්භ විය. දින දෙකක් පුරා පැවැත්වෙන එම සමුළුවේදී විවිධ පාර්ශ්වයන් වත්මන් ජාත්‍යන්තර අර්බුදය සහ ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබේ.

චීන උප විදේශ ඇමති Ma Zhaoxu මහතා, රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා සහ ජී20 රටවල රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ නිලධාරිහූ එම සමුළුවට සහභාගි වූහ. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී වසරේ දෙවැනි ජී20 විදේශ ඇමතිවරුන්ගේ සමුළුව පැවැත්වීමට ද  එහිදී තීරණය කෙරිණ.

මෙවර සමුළුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජී20 කණ්ඩායම අතර සාකච්ජා හා සහයෝගිතා ශක්තිමත් කොට ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණයන් ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව බ්‍රසීල පාර්ශ්වය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම