චීන - කොංගෝ සබඳතාවන් හි 60 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනපතිවරු සුබ පැතුම් පණිවුඩ හුවමාරු කරගනිති
2024-02-22 15:31:19
Share with:

චීනය සහ කොංගෝ ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට නායකයෝ සුබ පැතුම් හුවමාරු කර ගනිති. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සහ කොංගෝ ජනරජයේ ජනාධිපති Denis Sassou-Nguesso මහතාගේ එම පණිවුඩ අද (22) යොමු කර තිබේ.

ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, ගෙවී ගිය වසර 60 ක කාලය තුළ, ජාත්‍යන්තර තත්ත්වයන් වෙනස් වුවද, දෙරට සෑම විටම අවංක සහයෝගයෙන් ක්‍රියා කරමින් එක්ව සංවර්ධනය වී ඇති බවයි. මෑත වසරවල දී දෙරට අතර ප්‍රායෝගික සහයෝගිතා ස්ථාවර  වර්ධනයක් පෙන්නුම් කරයි. චීන- කොංගෝ සම්බන්ධතා වර්ධනය කෙරෙහි තමා ඉහළ අවධානය යොමු කරන බව ෂී ජින් පිං මහතා පැවසීය. දෙරට සබඳතාවන් හි 60 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස ගනිමින් චීන-කොංගෝ පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව පොහොසත් කිරීමට මෙන්ම, පොදු අනාගතයක් සහිත උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා Denis Sassou-Nguesso මහතා සමඟ එක්ව කටයුතු කිරීමට තමා සූදානම් බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

Denis Sassou-Nguesso මහතා පෙන්වා දෙන්නේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භයේ සිට, දෙරට ජනතාව සැමවිටම එක්සත්ව හා මිත්‍රශීලීව වෙසෙන අතර, කොංගෝ-චීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ ශීඝ්‍ර සංවර්ධනය උදෙසා ක්‍රියාකරන බවයි. දෙරට අතර මිත්‍ර සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම, ඉහළ මට්ටමේ පොදු අනාගතයක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සක්‍රිය ව දායකවීමට තමා කැමැත්තෙන් සිටින බව ද, Denis Sassou-Nguesso මහතා තම පණිවුඩයෙන් කියාසිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම