ඉරාන ජාතික මාධ්‍ය ප්‍රදර්ශනයේදී චීන මාධ්‍ය සමූහයට ඉහළ පැසසුම්
2024-02-22 15:08:09
Share with:

ඉරානයේ ටෙහෙරාන්හි පැවති සිව් දින ඉරාන ජාතික මාධ්‍ය ප්‍රදර්ශනය ඊයේ(21) අවසන් විය. ඉරාන සහ ජාත්‍යන්තර මාධ්‍ය 450කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්විණ.

නව තාක්ෂණික යෙදුම, කුටි සැලසුම් සංකල්පය, ස්ථානීය ක්‍රියාකාරකම සහ බලපෑම යන බහු මානයන් සැලකිල්ලට ගනිමින් මාධ්‍ය සිය ගණනකින් මාධ්‍ය 13ක් ඉරානයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය මගින් තෝරාගෙන ඇත. චීන මාධ්‍ය සමූහයට එහිදී ඉහළ ගෞරවය හිමි වී තිබේ.

මෙම ප්‍රදර්ශනය අතරතුර, චීන මාධ්‍ය සමූහයේ “5G+4K/8K+AI” යන සියලු මාධ්‍ය පද්ධතීන් හි අධි තාක්ෂණික යෙදුම් පිළිබඳ වැඩිදුර දැන ගැනීමට ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු මාධ්‍ය නියෝජිතයෝ දසකට වැඩි සංඛ්‍යාවක් චීන මාධ්‍ය සමූහයේ කුටියට පැමිණියහ. එමෙන්ම චීන මාධ්‍ය සමූහයේ නවීන විකාශ ක්‍රමවේද පිළිබඳ ජයග්‍රහණ ද ඉහළ අගැයීමට ලක් ව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම