ගාසා තීරයේ ගැටුම් සමනය කිරීමට පවතින විශාලතම බාධාව ඇමරිකාවයි
2024-02-22 10:43:55
Share with:

‘මගේ රට අතින් ඓතිහාසික වැරදීමක් සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියෙකු ලෙස ලැජ්ජා වෙමි’ ‘මගේ රටේ වත්මන් පැවැත්ම ගැන ලැජ්ජාවක් දැනේ’ යනා දී වශයෙන් ඇමරිකානු අන්තර්ජාල භාවිත කරන පිරිස කියාසිටිති. ඔවුන් මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ ගාසා තීරය පිළිබඳව, පසුගිය 20 වැනි දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කෙටුම්පතකට එරෙහිව, ඇමරිකාව යළිත් අත්තනෝමතික ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. මෙම කෙටුම්පත, ගාසා තීරයේ පවතින අර්බුදය සමනය කිරීම සඳහා අරාබි රටවල් නියෝජනය කරමින් ඇල්ජීරියාව විසින් ඉදිරිපත් කරනු ලැබීය. එහි අන්තර්ගත ප්‍රධාන යෝජනා වන්නේ කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම, සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කිරීම, මානුෂවාදී සැපයුම් සහතික කිරීම හා බලහත්කාරයෙන් අවතැන් කිරීම වළක්වාලීම යි. මෙය ආරක්ෂක මණ්ඩලය පමණක් නොව ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවකි. එහෙත්, ඇමරිකාව යළිත් ඊට එරෙහිව සිය නිශේධ බලය යළිත් භාවිත කළේ ය.

ඇමරිකාව පමණක් ඊට විරුද්ධ ව ඡන්ද ප්‍රකාශ කළේ ඇයි? ‘පලස්තීනය සහ ඊශ්‍රායලය විසින් රඳවාගනු ලැබ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සාකච්ඡාවලට එම කෙටුම්පත හිතකර නොවීම’ ඊට හේතුවයි. මෙය කිසිදු පදනමකින් තොර ප්‍රකාශයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඇමරිකාවේ එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කර ඇත.

සිය නිශේධ බලය මෙසේ භාවිත කිරීම ඇමරිකාවේ සාමාන්‍ය පුරුද්දකි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම යළි හටගත් දා සිට ආරක්ෂක මණ්ඩලය ඒ හා සම්බන්ධ තීරණ 8 කට අදාළව ඡන්ද විමසීම් පවත්වා ඇත. ඒ අතරින් සම්මත වූයේ තීරණ 2ක් පමණකි. ගාසා තීරයේ සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය නොතකමින් බොහෝ අවස්ථාවල දී සිය නිශේධ බලය භාවිත කරන ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයේ නිසි ක්‍රියාකාරීත්වයට දැවැන්ත බාධාවක් බවට පත් ව සිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම