ගාසා සටන් විරාම යෝජනාව එක්සත් ජනපදයේ නිශේධ බලයෙන් ප්‍රතික්ෂේප කිරීම හෙළා දකිමින් පලස්තීන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024-02-22 10:20:32
Share with:

ගාසා තීරයේ වහා සටන් විරාමයක් ඉල්ලා ගෙන ආ යෝජනාව එක්සත් ජනපදය විසින් නිෂේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීම පලස්තීන ජනාධිපති කාර්යාලය සහ හමාස් සංවිධානය හෙළා දැක තිබේ.

යුද්ධය නැවැත්වීම එක්සත් ජනපදය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම ගැන පුදුමයට පත්වන බව පලස්තීන ජනාධිපති කාර්යාලය එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA වෙත ඊයේ(21) ප්‍රකාශ කර ඇත.

මේ ක්‍රියාවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අභිමතය නොතකා ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ "සහාය සහ ආරක්ෂාව" පෙන්වා ඇති බවත් එය ඊශ්‍රායලයට අමතර කොළ එළියක් ලබා දීමක් බවත් පලස්තීන ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටී.

හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගාසා තීරයේ ඊශ්‍රායල "ආක්‍රමණ" අවසන් කිරීමට දරන උත්සාහයට බාධා කිරීමේ වගකීම එක්සත් ජනපද පරිපාලනය දැරිය යුතු බවයි.

පසුගිය 20 වැනිදා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි සැසියක් අතරතුර, ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඇල්ජීරියාව විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජනපදය නිෂේධ බලයෙන් ප්‍රතික්ෂේප කළේය.

ඊශ්‍රායල-හමාස් සටන් විරාමයකට එළඹීම ඉලක්ක කරගත් කෙටුම්පත් යෝජනාවක් අසාර්ථක කිරීමට එක්සත් ජනපදය මැදිහත් වූ තුන්වන අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම