යුරෝපය සමග පවතින සබඳතා චීනය අගය කරයි
2024-02-22 18:33:03
Share with:

යුරෝපා රටවල් චීනයේ විශාල වෙළඳපොල අවස්ථා බෙදා ගනිමින් මෙරට ඉහළ මට්ටමේ  විවෘතභාවයට එක්වීම පිළි ගන්නා බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.චීන විදේශ අමාත්‍යවරයාගේ අවසන් වූ යුරෝපයේ නිල සංචාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු  නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

යුරෝපා රටවල‍ට චීනයේ ඉහළ මට්ටමේ සංවර්ධනයෙන් වඩා වැඩි සහයෝගීතා අවස්ථා හිමි වනු ඇති බවට ඇය සිය විශ්වාස පළ කළාය. චීනය හා යුරෝපය ලෝක බහුධ‍්‍රැවකරණයට හා ජාත්‍යන්තර සබඳතාවේ ප්‍රජාතන්ත්‍රවාදිකරණයට අනුබල දෙයි.එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් කාර්යභාරයන් ඉටු කිරීමට සහාය දෙන දෙපාර්ශ්වය, කණ්ඩායම් අතර තරඟයට හා එදිරිවාදී සංකල්පයට විරුද්ධ වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, ජී 20 කණ්ඩායම යන බහුපාර්ශ්වික රාමු තුළ, චීනය හා යුරෝපය අදහස් හවුමාරු හා සම්බන්ධීකරණය තහවුරු කරනු ඇත. ඒ අතරම දේශපාලන මාර්ග ඔස්සේ ගැටළු විසඳා ගනිමින් දේශගුණික විපාර්යාසය, කෘත්‍රිම බුද්ධිය යන වැදගත් කරුණු කෙරෙහි ජාත්‍යන්තර එකඟතාවන් තුළින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද Mao Ning  මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම