චීනයේ හඬ ජගත් ප්‍රජාවේ පොදු අවධානයට ලක්ව ඇතැයි චීන විදේශ ඇමති පවසයි
2024-02-22 11:48:03
Share with:

චීනයේ යෝජනා මෙන්ම චීනයේ හඬ ජගත් ප්‍රජාවේ පොදු අවධානයට ලක්ව ඇති  බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

60 වැනි මියුනිච් ආරක්ෂක සමුළුවේ සහභාගිත්වය මෙන්ම ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ සිදු කළ සංචාර පිළිබඳව අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා චීන මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඊයේ (21) මේ බව ප්‍රකාශ කළේය.

මියුනිච් ආරක්ෂක සමුළුවේ, චීනය පිළිබඳව පැවති සැසියේ දී චීන පාර්ශ්වය පැහැදිලි කළේ චීනය වර්තමාන අවිනිශ්චිත ලෝකයේ ස්ථාවර බලවේගයක් වන  බවයි. මෙම සමුළුවේ දී චීන-ඇමරිකා විදේශ ඇමතිවරුන් අතර ඵලදායී හමුවක් ද පැවැත්විණ. චීන සංවර්ධනය පිළිබඳව වාස්තවික මෙන්ම තාර්කික අයුරින් විමසා බැලීම, චීනය සම්බන්ධයෙන් සක්‍රිය මෙන්ම ප්‍රායෝගික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ දෙරට නායකයන් සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී එළඹුණු එකඟතා  ක්‍රියාවට නැංවීම සඳහා ඇමරිකාව කටයුතු කිරීමේ අවශ්‍යතාව චීනය එහිදී අවධාරණය කළේය.

චීන-යුරෝපා පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ඇරඹී මේ වනවිට වසර 20 ක් සම්පූර්ණ වී තිබේ. යුරෝපය චීනයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ වැදගත් දිශාවක් මෙන්ම චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය සාක්ෂාත් කිරීමේ දී වැදගත් හවුල්කාර පාර්ශ්වයක් බව ද වං යී මහතා පැවසීය.

ස්පාඤ්ඤ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් වං යී මහතා පෙන්වා දුන්නේ චීන-ස්පාඤ්ඤ පූර්ණ හවුල්කාරී සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය අවධාරණය කළ බවයි.  දෙරටේම යහපත වෙනුවෙන් කටයුතු කරමින්, දිගුකාලීන මෙන්ම ගෝලීය දැක්මක් ඔස්සේ දෙරට සබඳතාව වර්ධනය කර, යුරෝපා සබඳතාවන්ට මනා ආදර්ශයක් වෙමින් ස්පාඤ්ඤය සමග එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද චීන විදේශ ඇමතිවරයා කියාසිටියේය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම