"තායිවාන බෙදුම්වාදය‍ට” දැඩි ලෙස විරුද්ධ විය යුතු බව චීනය පවසයි
2024-02-22 18:16:35
Share with:

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ කේන්ද්‍රය වන්නේ එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරමින්  "තායිවාන බෙදුම්වාදයට” දැඩි ලෙස විරුද්ධ වීම බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(21) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. තායිවාන සමුද්‍ර සන්ධි දෙපස  සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වඩාත්ම සුදුසු පියවර කෙසේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර පවතින ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් නොවන බව ද ඇය පැහැදිලි කළාය. අදාළ ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ කේන්ද්‍රය වන්නේ එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් "තායිවාන බෙදුම්වාදයට” දැඩි ලෙස විරුද්ධ වීම බවද ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම