ඇමරිකාව ගාසා තීරය වඩාත් භායනක ස්ථානයක් බවට තවදුරටත් පත් කරන බව චීනය පවසයි
2024-02-21 18:23:39
Share with:

ඇමරිකාව නිෂේධ බලය භාවිත කිරීමෙන් ගාසා තීරය වඩාත් භායනක ස්ථානයක් බවට තවදුරටත් පත් කරන බව චීනය පවසයි.

ඊයේ (20) ඇමරිකාව පමණක් ආරක්ෂක මණ්ඩලයේදී ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඇල්ජීරියාවේ යෝජනාව  ප්‍රතික්ෂේප කළ අතර, ගාසා ගැටුමට අදාළ යෝජනාව ඇමරිකාව ප්‍රතික්ෂේප කළ තුන්වන අවස්ථාව මෙය බව ද වාර්තා වෙයි. ඒ පිළිබඳව චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අදහස් දක්වමින් මේ බව පැවසුවාය.

චීනය ඇතුළු අදාළ සියලු පාර්ශ්ව ඇමරිකා‍වේ නිෂේධ බලය භාවිතය පිළිබඳව දැඩි කලකිරීමක් පළ කර ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය. ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගාසා තීරයේ සටන කඩිනමින් මැඩපැවැත්වීම සඳහා තවදුරටත් වගකිවයුතු සහ අර්ථවත් පියවර ගැනීමට චීනය ආරක්ෂක මණ්ඩලයට සහාය වන බව ද ඇය කීය. "ද්වි-රාජ්‍ය විසඳුම" සහ මැද පෙරදිග දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය ඉටු කර ගැනීමට චීනය අසීමිත උත්සාහයක් දරනු ඇතැයි  ද Mao Ning මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම