ගාසා තීරයේ මානුෂීය සටන් විරාමය වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමරිකාවේ විරෝධය
2024-02-21 11:36:11
Share with:

ගාසා තීරයේ කඩිනමින් සටන් විරාමයක් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ඊයේ (21) ඉදිරිපත් කළ කෙටුම්පත් යෝජනාවට ඇමරිකාව සිය විරෝධය පළ කර ඇත. ඇල්ජීරියාව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අදාළව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනා අතර ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එයට පක්ෂව හිමි වූයේ ඡන්ද 13 ක් පමණි.  ඇමරිකාව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ඇති අතර බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. 

ආරක්ෂක මණ්ඩලයේ දී මෙවැනි කෙටුම්පත් යෝජනාවක් සම්මත කර ගැනීමට අවම වශයෙන් යෝජනාවට පක්ෂව ඡන්ද නවයක් අවශ්‍ය වන අතර නිත්‍ය සාමාජිකයන් පස්දෙනාට කිසිදු නිෂේධ බලයක් හිමි නොවේ. 

ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ඇරඹීම, සිවිල් වැසියන්ට එරෙහිව සිදු වන ප්‍රහාර නතර කිරීම,  ගාසා තීරයේ මානුෂීය ප්‍රවේශය සහතික කිරීම සහ සියලුම ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස මෙම කෙටුම්පත් යෝජනාවෙන් ඉල්ලා සිටී. 

එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපති Linda Thomas-Greenfield ඡන්ද විමසීමට පෙර කියාසිටියේ මෙම ඇල්ජීරියානු කෙටුම්පත ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් බාධාවත් ඇති කරන බවත් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කොන්දේසිය මත පදනම්ව තාවකාලික සටන් විරාමයක් වෙනුවෙන් ප්‍රතිවාදී කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිය නියෝජිත පිරිස කටයුතු කරමින් සිටින බවයි.

ඇමරිකාව ඊශ්‍රායලයට මිනිස් ඝාතනයන් සිදු කිරීමට බලපත්‍රයක් ලබා දෙන බව එහිදී අදහස් දක්වමින් රුසියාවේ නිත්‍ය නියෝජිත Vassily Nebenzia මහතා ප්‍රකාශ කළේය. ඇමරිකාව වඩා වැදගත් මැදිහත්වීම් යැයි පවසමින් එය මඟහැරීමට කෙතරම් උත්සහ කළ ද මින් පසු ඇති වන සියලු ප්‍රතිවිපාකයන්හි සම්පූර්ණ වගකීම ඇමරිකාවට පැවරෙන බව ද  Vassily Nebenzia මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම